ජපානයේ දිරිගැන්වෙන හරිත ආයෝජන


ජපානය කාබන් රහිත දේශයක් බවට පත් පත් කිරීමට දිරි ගැන්වේ

.

ජපාන රජය 2050 වන විට කාබන් උදාසීනතාවයේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් හරිත බලශක්ති අංශයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා යෙන් ට්‍රිලියන 20 ක මූල්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බව අගමැති Fumio Kishida බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.

 

"පරිසරය ආශ්‍රිත ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමට සාමාන්‍යයෙන් භාවිතා කරන සංක්‍රාන්ති බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මෙන්ම , කාබනිකරණය නොවූ සමාජයක් සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා ගැඹුරු කිරීම සඳහා කැබිනට් කාර්යාලය යටතේ නව මණ්ඩලයක් මෙම ගිම්හානයේදී පිහිටුවීමට නියමිත වේ " යනුවෙන්  බලශක්ති ප්‍රතිපත්ති විශේෂඥයින් සමඟ පැවති රැස්වීමකදී Kishida පැවසීය.

 

2050 වන විට ශුද්ධ  CO2 විමෝචනය ශුන්‍ය කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා බලශක්ති සැලැස්මක් රජය විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අනුමත කළ අතර ඒ අනුව වැඩි පුනර්ජනනීය ද්‍රව්‍ය භාවිතා කිරීමට සහ තාප විදුලි උත්පාදනය අඩු කිරීමට උත්සාහ කෙරේ.

Comments