ඩිජිටල්කරණය වෙමින් පවතින ජපානයේ සිවිල් උසාවි


ජපාන සිවිල් උසාවි ඩිජිටල්කරණය වේ

.

පාර්ලිමේන්තුවට අදාළ නීති සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් බදාදා දින සම්මත වීමෙන් පසුව ජපානයේ සිවිල් උසාවිවල නඩු ගොනු කිරීමේ සිට තීන්දු දක්වා වූ ක්‍රියා පටිපාටිවල විශාල වෙනසක් දක්‌වමින් අන්තර්ජාලය හරහා ඩිජිටල්කරණය කිරීමට පියවර ගෙන තිබේ .

 

සිවිල් ක්‍රියා පටිපාටි සංග්‍රහය ඇතුළත් මෙම නීති සංශෝධන යටතේ, ලේඛන හුවමාරු කිරීම සහ මුහුණට මුහුණ හමුවීම් අවශ්‍ය වන නීතිමය ක්‍රියාදාමයන් 2025 මූල්‍ය වර්ෂය වන විට ඩිජිටල් විකල්ප මගින් සිදුකිරීමට නියමිතව ඇත . 

 

උසාවි වාචික ක්‍රියාදාමයන් මාර්ගගත සම්මන්ත්‍රණ මෘදුකාංගයක් හරහා පැවැත්විය හැකි අතර, යම් පුද්ගලයෙකු දුර බැහැර ජීවත් වන සහ විධිවිධාන වලට විරුද්ධ නොවන අවස්ථාවන්හිදී සබැඳි සාක්ෂි විභාගයට මෙමගින් අවසර හිමිවේ .

 

දික්කසාද මැදිහත්වීම් පවා අන්තර්ජාලය හරහා සිදුකළ හැකිවන අතර, පාර්ශ්වයන් පෞද්ගලිකව හමුවීමකින් තොරව ඔවුන් සමථයකට පත් කිරීමට මේ හරහා හැකියාව ලැබේ .

101 Views

Comments