ජපාන අහසේ ගමන් කරන ඩ්‍රෝන යානා


ජපන් අහසේ ඩ්‍රෝන යාත්‍රා වැඩිවශයෙන් නිරීක්ෂණය වේ

.

අඩු උසකින් යුතු පොළොවට ආසන්න ගුවන් ගමන් රාශියක් නිරිතදිග ජපානයේ Kagoshima ප්‍රාන්තයේ වැසියන්ට දිගටම දැකීමට සිදුවූ බැවින් සිදුවිය හැකි ගුවන් යානා කඩා වැටීම් පිළිබඳව දැඩි කනස්සල්ලක් හටගෙන තිබේ. එම ගුවන් ගමන් බොහොමයක් එක්සත් ජනපද හමුදාව විසින් මෙහෙයවන ලද ඒවා යැයි සැලකේ.

 

Kagoshima ප්‍රාන්ත රජයට මේ වසරේ මාර්තු මාසයේදී අවසන් වූ 2021 මූල්‍ය වර්ෂය තුළදී මෙවැනි ගුවන් ගමන් අවස්ථා 131ක් වාර්තා වී තිබේ . එය 2006 මූල්‍ය වර්ෂයේ සංඛ්‍යාලේඛන නිරීක්ෂණය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ දෙවන ඉහළම සංඛ්‍යාව ලෙස දැක්වේ. 

 

ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකායේ  Kanoya ගුවන් කඳවුරේ එක්සත් ජනපද හමුදා ඩ්‍රෝන යානා තාවකාලිකව යෙදවීමේ සැලැස්මක් ඇතුළු ගැටළු හේතුවෙන් එක්සත් ජනපද-චීන ​​ආතතීන් පිළිබඳව නිවැසියන්ගේ උනන්දුව අතිශයින් වැඩිවී ඇත .

120 Views

Comments