බීමතින් දුම්රියේ සිටි මගියෙකුට පහරදුන් අමාත්‍යාංශ නිලධාරියා


දුම්රිය ගමනක් අතරතුර මගින් තිදෙනකු අතර ගැටුමක් ඇති වේ

.

සිකුරාදා අලුයම Tokyo හි ධාවනය වෙමින් පැවති දුම්රියකදී මගියෙකුට පයින් පහර දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් සහ සම්බන්ධීකරණය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ලෙස සේවයේ නියුතු 56 හැවිරිදි  Heihachiro Ono සිකුරාදා අත්අඩංගුවට ගෙන ඇති බව විමර්ශන ආරංචි මාර්ග සඳහන් කළේය .

 

Tokyo හි Shibuya දුම්රිය ස්ථානය සහ අසල්වැසි Kanagawa ප්‍රාන්තයේ Chuo-Rinkan දුම්රිය ස්ථානය සම්බන්ධ කරන Tokyo Denentoshi මාර්ගයේ දුම්රිය ගමන් කරමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බවත්, බීමත්ව සිටි බැවින් සිද්ධිය පිළිබඳ කිසිදු මතකයක් ඔහුට නොමැති බවත් ආරංචි මාර්ග පැවැසීය. 

 

පහරකෑමට ලක්වූ පුද්ගලයාට බරපතල තුවාල සිදුවී නොමැති අතර "එය අතිශයින්ම කණගාටුදායක සිදුවීමකි " යනුවෙන් පවසමින් මුදල් අමාත්‍ය Shunichi Suzuki සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය .

113 Views

Comments