ගමන් කරමින් තිබූ මෝටර් රථයෙන් පිටතට පැන මරණයට පත්වූ කාන්තාව


ගමන් කරමින් තිබූ තිබු මෝටර් රථයෙන් එළියට පැන්න කාන්තාව මරණයට පත්වේ

.

බ්‍රහස්පතින්දා අලුයම 2.30 ට පමණ ජාතික මාර්ග අංක 36 ඔස්සේ ගමන් කරමින් තිබූ මෝටර් රථයේ ඉදිරිපස මගී අසුනෙන් පිටතට පැනීමෙන් 37 හැවිරිදි Nobue Kawamura නම් කාන්තාවක් මරණයට  පත් ව ඇති අතර අනතුරුදායක රිය පැදවීම සම්බන්ධයෙන් සැකපිට 32 හැවිරිදි Naoto Sugita නම් රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා Sapporo හි එකට ජීවත් වූ යුවලක් බව පොලීසිය පැවැසීය. 

 

"මම ඇය සමඟ දිගටම බහින්බස් වුණා. මෝටර් රථය නවත්තලා එයාට බහින්න ඕන කිව්වා. ඒත් මම රථයේ වේගය අඩු කරන්නේ නැතුව දිගටම පැදගෙන ගියා. එයා එකපාරටම දොර ඇරගෙන පාරට පැන්නා " යනුවෙන් ඔහු පොලීසියට පවසා තිබේ . 

 

ඔහු රථය නවතා 119ට කතා කොට මේ පිළිබඳව වාර්තා කොට ඇති අතර ඇයව රෝහලට රැගෙන යන විටත් හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඇය මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.

151 Views

Comments