අසාර්ථක වූ රොබෝ ආධාරක සැත්කම


රොබෝ තාක්ෂණය යොදා ගනිමින් මෙහෙයවූ සැත්කමක් අසාර්ථක වේ

.

2020 ඔක්තෝම්බර් මාසයේ බටහිර ජපානයේ Osaka ප්‍රාන්තයේ Suita නාගරික රෝහලේදී රොබෝවෙකු යොදාගෙන පෙනහළු පිළිකාවෙන් පෙළෙමින් සිටි 60 හැවිරිදි රෝගියකුගේ සිදු කරන ලද සැත්කමේදී ඇතිවූ වෛද්‍ය අක්‍රමිකතා හේතුවෙන් සැත්කමට භාජනය වූ රෝගියා මිය ගිය බව පසුගියදා රෝහල ප්‍රසිද්ධියේ නිවේදනය කොට තිබේ. 

 

ශල්‍ය වෛද්‍යවරයා රොබෝවරයාගේ බලය චලනය කිරීමේදී සිදුවූ අත්වැරැද්දක් නිසා Aorta වට හානි වීමෙන් අධික රුධිර වහනයක් සිදුව ඇති අතර සැත්කමෙන් දින 17කට පසුව ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් මොළයේ අක්‍රියතාවයක් ඇතිවී ඔහු මියගොස් තිබේ. 

 

මිනිස් අත්වලට කළ හැකි ප්‍රමාණයට වඩා සියුම් හා සංකීර්ණ චලනයන්ට ඉඩ දෙමින් ශල්‍යකර්මයට සහාය 

වන ඩාවින්චි රොබෝ ශල්‍ය පද්ධතියට අයත් මෙම රොබෝවරයාගේ කිසිදු දෝෂයක් නොමැති බව රෝහල පවසන අතර වියෝ වූ පවුල සමඟ සමථයකට පත්වීමට රෝහලට හැකිවී ඇති බව පැවැසේ.

Comments