නිශ්ඵල වූ ගැඹුරු මුහුදේ මෙහෙයුම


Kazu1ලංකාව සොයා සිදුකළ මෙහෙයුම් තවදුරටත් අසාර්ථක වේ

.

අප්‍රේල් මාසයේදී  Hokkaido ඔබ්බෙන් මුහුදුබත් වූ Kazu l යාත්‍රාව තුළ මෙහෙයුම් කටයුතුවල නිරත වූ කිමිදුම්කරුවන්ට අතුරුදහන් වූවන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වූ බව ප්‍රාදේශීය බලධාරීන් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කොට තිබේ. 

 

බ්‍රහස්පතින්දා පස්වරු 5 ට පමණ කිමිදුම්කරුවන් ගිල්විය හැකි අවපීඩන කුටියක් හරහා යාත්‍රාවට ආසන්නවන පරිදි මීටර් 100 ක් පමණ ගැඹුරට කිමිදුම්කරුවන් බැස්සවූ අතර ජපාන වෙරළාරක්ෂක බලකායට අනුව සිකුරාදා වන විට මෙම සෝදිසි කිරීම අවසන් කිරීමට නියමිත වේ . 

 

Nippon Salvage සමාගම විසින් මෙහෙයවනු ලබන කිමිදුම්කරුවන් විසින් බෝට්ටුව තුළ සහ ඉන් පිටත සෝදිසි කිරීමක් කළ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර දිය යට ඩ්‍රෝන යානයක් භාවිතා කර නිරීක්ෂණ කටයුතු සිදුකළ ද අතුරුදහන් වූ කිසිවකු ඇතුළත දී හමු නොවීය.

106 Views

Comments