විරෝධය පළ වූ චීනයේ ගෑස් සංවර්ධන සැලසුම


චීනය ඔවුන්ගේ ඒකපාර්ශවික gas ක්ෂේත්‍ර සංවර්ධනය කරමින් සිටින බවට තොරතුරු හමුවේ

.

චීනය ඔවුන්ගේ නැගෙනහිර මුහුදු සීමාව තුළ ඒකපාර්ශ්වික ගෑස් ක්ෂේත්‍ර සංවර්ධනය කරමින් සිටින බවට තහවුරු කලහැකි සාධක  හමුවී ඇති බව ජපානයේ විදේශ අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේය.

 

ජපානය සහ චීනය 2008 දී ප්‍රදේශයේ ඒකාබද්ධ ගෑස් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එකඟ වූ නමුත් 2010 දී එම සාකච්ඡා අත්හිඉටුවීම සිදුකළ අතර නැවත මෙලෙස චීනය ඒකපාර්ශ්වික සංවර්ධනයක් ඉදිරියට ගෙන යාම කණගාටුවට කරුණක් බව පවසමින් අමාත්‍යාංශය Tokyo හි චීන තානාපති කාර්යාලයට විරෝධතාවක් ඉදිරිපත් කොට තිබේ .

 

දේශීය නීතිය යටතේ රටවල් දෙක අතර මායිම් රේඛාව ලෙස සැලකෙන ඔවුන්ගේ වෙරළ තීරයන් අතර වූ මධ්‍ය රේඛාව අසල ස්ථාන 17 කින් චීන ගෑස් සංවර්ධනය පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති අතර එහි සුවිශේෂී ආර්ථික කලාපය ප්‍රධාන භූමියෙන් බොහෝ දුරට විහිදී ඇති බවට චීනය  තර්ක කරනු ලබයි .

118 Views

Comments