Sydney නගරාසන්න ප්‍රදේශයේ විශ්‍රාම වැටුප සිය එකම ආර්ථික ක්‍රමය වූ තනි මවක් ඇතිදැඩි කළ දරුවා වූ Anthony Albanese පසුගියදා ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ අතර ඔහු නිහතමානී ජීවිතයක් ගත කිරීමට හැඩගැසුණු දේශපාලනඥයෙක් ලෙස හැඳින්වේ .
බහු සංස්කෘතික ඕස්ට්‍රේලියාවේ වීරයෙක් වන ඔහු හරිතාගාර වායු විමෝචනය තියුනු ලෙස කපා හැරීමත් සමඟ දේශගුණික විපර්යාස පසුගාමී රටක් ලෙස හානියට පත්වූ ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කීර්තිය පුනරුත්ථාපනය කිරීමට
පොරොන්දු වී තිබේ.
"අපේ ශ්‍රේෂ්ඨ රට ගැන බොහෝ දේ පවසන, ආබාධිත විශ්‍රාමිකයෙකු වූ, Camperdown පාරේ පොදු නිවාසවල හැදී වැඩුණු තනිකඩ මවකගේ පුතෙකුට අද රාත්‍රියේ සිට ඕස්ට්‍රේලියාවේ අගමැති ලෙස ඔබ ඉදිරියේ පෙනී සිටිය හැකි වේ " යනුවෙන් සෙනසුරාදා පැවැති මැතිවරණ ජයග්රහණයේදී Albanese පැවසීය.