පුතුගේ මරණය සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනීසිටි පියා


තම දරුවා අපයෝජනයට ප ත් කළ පියා අත්අඩංගුවට ගැනේ

.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මාස 2 ක් වයසැති පුතාට මාරාන්තික ලෙස අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි Hiroki Horie නම් 25 හැවිරිදි පුද්ගලයෙකු මැයි 23 වන සඳුදා Mito දිස්ත්‍රික් උසාවියේ පැවති නඩු විභාගයට සහභාගි වී ඇති අතර එහිදී ඔහුට එරෙහිව අධිචෝදනා ගොනුකොට තිබේ. 

 

සමාගම් සේවකයෙකු ලෙස සේවය කළ ඔහු ඔක්තෝබර් 5 වන දින Ibaraki ප්‍රාන්තයේ Daigo හි ඖෂධ වෙළඳසැලක වාහන නැවැත්වීමේ අංගනයේදී සවස 4 ට පමණ තම මෝටර් රථයේ පිටුපස අසුනේ වාඩි වී සිටි ඔහුගේ පුත් Ritsuki ට පහර දී තිබේ.   ආපසු නිවසට පැමිණෙන විට දරුවා අසනීප වී සිහිසුන් වීම නිසා Horie සහ ඔහුගේ බිරිඳ එක්ව දරුවා රෝහලකට ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් පැවසුවේ දරුවාට උග්‍ර subdural hematoma වැළඳී ඇති බවයි. 

 

දරුවා අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සඳහා Mito හි රෝහලකට මාරු කර යැවූ නමුත් ඔක්තෝබර් 7 වන දින ඔහු මිය ගිය බැවින් මරණය ළමා අපයෝජන සිද්ධියක් ලෙස සලකා ඒ පිළිබඳව රෝහල විසින් පොලිසියට දැනුම් දී තිබේ . පසුව අත්අඩංගුවට පත් Horie "තමන් එක් වරකට වඩා පුතාට පහර දුන්නා " යනුවෙන් පැවැසූ බව පොලිසිය සඳහන් කළේය .

138 Views

Comments