නරුහිතෝ අධිරාජ්‍යයා හමුවූ එක්සත් ජනපද ජනාධිපති


එක්සත් ජනපද ජනාධිපති Naruhito හමුවෙයි

.

සඳුදා දින Tokyo හි Imperial මාලිගයේදී ජපාන අධිරාජ්‍යයා වූ Naruhito සහ එක්සත් ජනපද ජනාධිපති Joe Biden හමුවූ අතර,  ජපාන-එක්සත් ජනපද සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාව පිලිබදව අධිරාජ්‍යයා එහිදී ප්‍රකාශ කොට තිබේ .

 

"දෙරට අතර ශක්තිමත් බැඳීමක් ඇති බවත් ජපානය ආසියා පැසිෆික් කලාපයේ එහි වැදගත්ම හවුල්කරු බවත්" Biden  පැවැසූ අතර අධිරාජ්‍යයා එයට ප්‍රතිචාර දක්‌වමින් කියා සිටියේ "ජපානය සහ එක්සත් ජනපදය අතර මිත්‍රත්වය සහ සුහදතාවය සංචාරයත් සමඟ තවත් ඉදිරියට යනු ඇතැයි තමන් බලාපොරොත්තු වන" බවයි. 

 

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අධිරාජ්‍යයා Biden හට ඉංග්‍රීසි භාෂාවෙන් ආචාර කළ අතර දෙදෙනාම සිනහවක් බෙදා ගන්නා අයුරු එහිදී දැකගත හැකි විය.

116 Views

Comments