ජපානයට සිදුකළ වරද නිවැරදි කරන ලෙස කොරියාවෙන් ඉල්ලා සිටි ජනාධිපති Biden


ජපානය වෙනුවෙන් එක්සත් ජනපද ජනාධිපති කොරියාවෙන් ඉල්ලයි

.

1970 සහ 1980 ගනන්වල ජපන් ජාතිකයන් පැහැරගෙන ගොස් සිදුකළ "ඓතිහාසික වැරැද්ද" නිවැරදි කරන ලෙසත්, තවමත් ගණන් නොගත් අයගේ තත්වයන් සම්පූර්ණයෙන් පැහැදිලි කරන ලෙසත් එක්සත් ජනපද ජනාධිපති Joe Biden සඳුදා උතුරු කොරියාවෙන් ඉල්ලා සිටියේය.

 

උතුරු කොරියානු නියෝජිතයින් විසින් පැහැරගෙන ගිය ජපන් ජාතිකයින්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ Tokyo හිදී පැවති රැස්වීමක් අතරතුරදී Biden සිය ශෝකය ඔවුන් වෙනුවෙන් ප්‍රකාශ කළ අතර "මෙම ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන ලෙසත්, අතුරුදහන්ව සිටින ජපන් ජාතිකයන් 12 දෙනාගේ සම්පූර්ණ ගිණුම් වාර්තාවක් සපයන ලෙසත් උතුරු කොරියාවෙන් ඉල්ලා සිටි" බව ධවල මන්දිර නියෝජිතයෙකු ප්‍රකාශ කළේය .

 

"වින්දිතයන් සමග සහයෝගීතාවය ප්‍රකාශ කිරීමට" සහ "මෙම වේදනාකාරී ප්‍රශ්නය විසඳීමට" ජපාන අගමැති Fumio Kishida ගේ උත්සාහයට සහය දැක්වීමේ අරමුණින් ජනපති Biden මෙම පවුල් හමුවූ බව ධවල මන්දිර නියෝජිතයා වැඩිදුරටත් පැවසීය.

85 Views

Comments