ජපානයේ එළිමහන් වාස්තු විද්‍යා කෞතුකාගාරය


ජපානයේ Edo Tokyo කෞතුකාගාරය එරට ඉතිහාසය පිළිබදව අධ්‍යයනය කිරීමට මහත් සේ උපකාරී වේ

.

පෘථිවියේ දැකිය හැකි වඩාත්ම අග්‍රගණ්‍ය හා විශ්මයජනක ගෘහ නිර්මාණ ශිල්පය ලෙස Tokyo හි ඓතිහාසික ගෘහ නිර්මාණ ශිල්පය හැඳින්විය හැකි අතර Edo-Tokyo යනු රාජධානියේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට මහත් සේ උපකාරී වන ස්ථානයකි . 

 

Tokyo නගරයේ මායිමේ පිහිටා ඇති Edo-Tokyo එළිමහන් වාස්තු විද්‍යාත්මක කෞතුකාගාරය, එළිමහන් ඓතිහාසික ගොඩනැගිලි රාශියකින් සමන්විත වේ. ඒවායින් සමහරක් සංරක්ෂණය කර ඇති අතර අනෙකුත් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යටත්ව පවතී.

 

කෞතුකාගාරයේ දක්නට ලැබෙන බොහෝ ගොඩනැඟිලි මහජනතාව සඳහා විවෘතව පවතින අතර සෑම කාමරයකම සංචාරය කරන විට නරඹන්නන් හට එහි ජීවත් වූ වැසියන්ගේ ජීවන රටාව අවබෝධ කරගැනීමට හැකිවන බව පැවැසේ.

142 Views

Comments