කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෝටර් රථ සඳහා අවශ්‍ය අමතර උපාංග සපයා ගැනීම දුෂ්කර වීම නිසා ජපානයේ අංක එකේ මෝටර් රථ නිෂ්පාදකයා වන ටොයෝටා ආයතනයේ නිෂ්පාදන කටයුතු අඩාල වී ඇත.
ටොයොටා සමාගමට අනුව ටොයෝටා නිෂ්පාදනාගාර 11ක කටයුතු පසුගිය සිකුරාදා නවතා දැමූ අතර තවදුරටත් සෙනසුරාදා සහ සඳුදා දිනවල දී ද එලෙස නවතා දැමීමට සිදු වනු ඇතැයි ඔවුන් පවසයි. තවද ජනවාරි මාසයට නියමිත ව තිබූ නිෂ්පාදනවලින් වාහන 47000 ක් නවතා දැමීමට ද ඔවුන් තීරණය කර ඇත .
ඔවුන් තවදුරටත් පවසා සිටියේ මෝටර් රථ නිෂ්පාදනයේ දී අත්‍යාවශ්‍යම අංගයක් වන පරිගණක චිප් හිඟ වීම සහ වසංගත තත්වය හේතුවෙන් එම නිෂ්පාදනාගාර විටින් විට වසා දැමීමට සිදුවීම මෙලෙස නිෂ්පාදන ධාරිතාවය අඩු වීමට හේතු වූ බවයි.