චීනයේ අගුලු දැමීම හේතුවෙන් මියගිය ජපන් ජාතිකයන් දෙදෙනා


චීනයේ ජපන් ජාතික කොරෝනා මරණ දෙකක් වාර්තා වේ

.

චීනයේ Shanghai නගරය තුළ සිදුවූ COVID-19 වෛරසයේ පැතිර යාම හේතුවෙන් මාර්තු මාසය අගදී නගරය තුළ අගුළු දැමීමක් සිදුවූ අතර මෑත කාලීන ජපන් ජාතිකයන්ගේ පලමු මරණය ඊයේ දින වාර්තා වූ බව ජපාන රජය ප්‍රකාශ කළේය .

 

මිලියන 25 ක පමණ ජනගහනයක් වාසය කරන චීනයේ වාණිජ හා මූල්‍ය කේන්ද්‍රස්ථානය වන Shanghai වසා දැමීමෙන් පසු එහි ජපන් මරණයක් තහවුරු වූ පළමු අවස්ථාව ලෙස මෙය දැක්වෙන අතර නගරයේ ජපන් කොන්සල් ජනරාල්වරයා විසින් පුද්ගලිකත්වය පිළිබඳව වූ හේතුන් මත මියගිය දෙදෙනා පිළිබඳව තොරතුරක් සැපයීම ප්‍රතික්ෂේප කොට තිබේ. 

 

මෙම අගුළු දැමීම හරහා චීනයේ අගනුවර වන Beijing ඇතුළුව, ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකයේ ව්‍යාපාරික ප්‍රජාවට සහ පාරිභෝගික ක්‍රියාකාරකම්වලට දැඩි පහරක් එල්ල වී ඇති අතර විශාල පිරිසකට තම නිවස හෝ නේවාසික දිස්ත්‍රික්කයෙන් පිටවීමට පනවා තිබූ තහනම තවමත් ඉවත් කර නොමැති බව සදහන් වේ .

117 Views

Comments