ගණිකා වෘත්තියට එරෙහි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ටෝකියෝ දිස්ත්රික් අධිකරණය විසින් දරුවා සමඟ තනිවූ මවක අවම වශයෙන් අවස්ථා 600කදී පමණ බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවූ බවට සැලකෙන විවාහක යුවළක් පසුගියදා වරදකරුවන් ලෙස නම් කළේය.
33 හැවිරිදි Yukino Takehara සහ ඇගේ සැමියා වන 29 හැවිරිදි Yuki වරදකරුවන් ලෙස නම් කළ අධිකරණය ඔවුන්ට වසර 2 1/2 ක සිරදඬුවමක් නියම කොට ඇති අතර මරණ තර්ජන එල්ල කරමින් ඇයව ගණිකා වෘත්තියට යොමු කල බවට ඇය උසාවියට සාක්ෂි ලබාදී ඇත.
Itabashi Ward හි පිහිටි මහල් නිවාසයේ ජීවත් වීමට යුවළ විසින් එවකට 25 හැවිරිදි වූ කාන්තාවට සහ ඇගේ 3 හැවිරිදි දරුවාට මුලින් අවසර ලබා දී තිබුණද පසුකාලීනව “ඔබේ දරුවාට පෝෂණය කළ යුතුයි” යනුවෙන් පවසා ඇයගෙන් කුලී මුදල් ඉල්ලා ඇති අතර ඇයව ගණිකා වෘත්තියේ යෙදවීමෙන් හිමිවන මුදල් සුඛෝපභෝගි භාණ්ඩ මිලදී ගැනීමට ඔවුන් යොදවා ඇති බවට හෙළිවී තිබේ