ජපානයේ රග්බි ක්‍රීඩාකරන Tonga ජාතිකයන් වෙනුවෙන් පිහිටවූ නව සංගමය


ජපන් රග්බි කණ්ඩායමේ සිටින ටොංගා ජාතික ක්‍රීඩකයන් වෙනුවෙන් නව සංගමයක් පිහිටුවයි

.

Tonga වේ උපත ලද  ජපානයේ හිටපු ජාත්‍යන්තර රග්බි  ක්‍රීඩකයෙකු විසින් ජනවාරි මාසයේදී දකුණු පැසිෆික් දූපතේ ඇතිවූ ප්‍රබල ගිනිකඳු පිපිරීමෙන් සහ සුනාමියෙන් හානියට පත්වූ දූපත් ජාතිය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ඔහුගේ ක්‍රීඩා සම්බන්ධතා භාවිතා කොට නව සංගමයක් පිහිටුවා තිබේ. 

 

යොවුන් වියේ දී හුවමාරු ශිෂ්‍යයෙකු ලෙස ප්‍රථම වරට ජපානයට පැමිණි, ජපන් Collegiate රග්බි කණ්ඩායම නියෝජනය කළ පළමු Tonga ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වූ William Sinali Latu විසින් 1986 සහ 1988 වසරවලදී Tokyo හි Daito Banka විශ්ව විද්‍යාලය දෙවරක් ජාතික විශ්ව විද්‍යාල ශූරතාවට ගෙන ගියේය. 

 

ඔහු තම හදාගත් රට වෙනුවෙන් ලෝක කුසලාන තුනක් ඇතුළුව ටෙස්ට් තරග 32ක් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර, සාර්ථක ක්‍රීඩා සමාජ ජීවිතයක් සනිටුහන් කරමින් ඔහුගේ අඩිපාරේ ගමන් කරන Tonga ක්‍රීඩකයන්ගේ පරම්පරාවට ඔහු මග පෑදුවේය.

 

Tonga ක්‍රීඩකයන් හට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව සලකා බලා 56 හැවිරිදි Latu විසින් ජපානයේ ජීවිතයට ඔවුන්ගේ සංක්‍රමණයට උපකාර කිරීම සඳහා ලාභ නොලබන ජපන් - Tonga මිත්‍රත්ව සංගමය පසුගියදා පිහිටුවා ඇති බව වාර්තා වේ.

140 Views

Comments