ඊශ්‍රායල ජාතිකයන් විසින් ජපාන කාන්තාවකට පිරිනැමූ ස්තුති ලිපිය


තම පියාගේ සේවය අගඅගයමින් ජපන් ජාතික කාන්තාවකට ඊශ්‍රායලයෙන් ඇගයීමේ ලිපියක් ලැබේ

.

දෙවන ලෝක යුද්ධ සමයේදී යුදෙව් සරණාගතයින් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා ගත් ජපාන ජාතික පියෙකුගේ 91 හැවිරිදි දියණියකට ඊශ්‍රායල නීති සම්පාදකයෙකු සහ ජපානයේ ඊශ්‍රායල තානාපතිවරයෙකු විසින් මැයි 22 වන දින පියාගේ සේවය අගය කරමින් ලිපියක් ලබාදී තිබේ. 

 

Hebrew සංස්කෘතිය පිළිබඳ විශාරදයෙකු වන Setsuzo Kotsuji ගේ දෙවන දියණිය වන Teruko Kotsuji ට ටෝකියෝ හි වැඩිහිටි නිවාසයක දී ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු සහ ඊශ්‍රායල-ජපාන පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපති ලෙස සේවය කරන Zvi Hauser හා ජපානයේ ඊශ්‍රායල තානාපති Gilad Cohen විසින් මෙම ලිපිය පිළිගැන්වීම සිදුකර ඇත. 

 

"යුදෙව් ජනතාව වෙනුවෙන් සහ ඊශ්‍රායල පාර්ලිමේන්තුව වෙනුවෙන් ඔබට සහ Kotsuji - sensei හට  නිල වශයෙන් ස්තූති කිරීමට සහ ආචාර කිරීමට අපි පැමිණියෙමු.දෙවන පරම්පරාවේ සමූලඝාතනයෙන් දිවි ගලවා ගත් අයෙකු ලෙස,  මාහට පුද්ගලිකවම ඔහුට ස්තූති කිරීමට අවශ්‍යයි. මට ඔහුව කිසිදාක අමතක නොවේවි"  යනුවෙන් මෙහිදී අදහස් දක්‌වමින් Hauser පැවැසීය

Comments