ජපාන මුහුදේ බෝම්බ හෙලන යානා පියාසර කරවූ චීනය සහ රුසියාව  


චීනය සහ රුසියාව ජපාන මුහුදට ඉහළින් බෝම්බ හෙලන යානා පියාසර කරවයි

.

එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව යන රටවල නායකයින්ගේ සහ අගමැති Fumio Kishida ගේ සහභාගිත්වයෙන් පැවැති Quad සමුළුවට විරෝධතාවය දක්‌වමින් පසුගියදා චීන සහ රුසියානු මූලෝපායික බෝම්බ හෙලන යානා හයක් ජපානයට ආසන්න මුහුදේ උඩු ගුවනේ  ඒකාබද්ධ ගුවන් ගමනක් සිදු කළ බව ජපාන ආරක්ෂක ඇමතිවරයා අඟහරුවාදා නිවේදනය කළේය . 

 

පසුගිය වසරේ නොවැම්බරයෙන් පසුව Beijing සහ Moscow එක්ව මෙහෙයුමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වන බවත් ජපාන මුහුද, නැගෙනහිර චීන මුහුද සහ පැසිෆික් කලාපය හරහා අදාළ යානා පියාසර කළ බවත්  අමාත්‍යාංශය තවදුරටත් අදහස් දක්‌වමින් පැවැසීය. 

 

"ජාත්‍යන්තර ප්‍රජාව යුක්‍රේනයේ රුසියාවේ ආක්‍රමණශීලීත්වයට ප්‍රතිචාර දක්වමින් සිටින අවස්ථාවක ආක්‍රමණශීලී රටක් වන රුසියාව සමඟ චීනය මෙලෙස ඒකාබද්ධ පියවරක් ගෙන ඇති බැවින් ජපානයට මෙම ක්‍රියාව කිසිදා නොසලකා හැරිය නොහැක ” යනුවෙන් ආරක්ෂක අමාත්‍ය Nobuo Kishi ප්‍රකාශ කළේය .

119 Views

Comments