2011 න්‍යෂ්ටික බලාගාර ව්‍යසනයෙන් ඇතිවූ බලපෑමෙන් තයිරොයිඩ් පිළිකා වැළදුණු Fukushima හි කුඩා දරුවන් හය දෙනෙකු වෙනුවෙන් ඩොලර් මිලියන 5 කට ආසන්න වන්දි මුදලක් ඉල්ලා ගොනු කොට තිබූ නඩුවක් ටෝකියෝ අධිකරණය විසින් බ්‍රහස්පතින්දා සිට විභාග කිරීම ආරම්භ කොට තිබේ .
අනතුරෙන් නිකුත් වූ විකිරණ හේතුවෙන් මෙලෙස ඔවුන්ට රෝගාබාධවලට ලක්වීමට සිදු වූ බව පවසමින් න්‍යෂ්ටික බලාගාරයේ ක්‍රියාකරුට එරෙහිව පළමු කණ්ඩායම් නඩුව වාර්තා කරමින් පැමිණිලිකරුවන් විසින් නඩු පවරා ඇත .
"නැවත නැවතත් කරන ලද සැත්කම් සහ ප්‍රතිකාර හේතුවෙන් වැඩිදුර ඉගෙනීම සඳහා විශ්ව විද්‍යාලයට පැමිණීමේ සැලසුම් අත්හැරීමට සිදු වූ බව" වයස අවුරුදු 20 ක කාන්තාවක් ලෙස හඳුනාගත් එක් පැමිණිලිකාරියක් පමණක් තිරය පිටුපස සිට සාක්ෂි දෙමින් කියා සිටියාය.