සෙනසුරාදා දින වන විට ජපානයෙන් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාධිතයින් ගණන 50000 ඉක්මවා ගිය බව වාර්තා වේ. මේ ජපානය තුළ වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවයි. ටෝකියෝ ඇතුළු නගර 13 ක අර්ධ හදිසි තත්වයක් පනවා තිබුණත් ඔමික්‍රොන් වෛරසය පැතිර යාම වඩා සීඝ්රයෙන් සිදුවන බව පෙනෙන්නට තිබෙන බව සමීක්ෂකයන් පවසයි.
ටෝකියෝ ඇතුළු අනෙකුත් ව්‍යාපාරික මරමස්ථාන හෝ නගර කිහිපයක් ම විශාල වශයෙන් රෝගීන් වාර්තා වීම නිසා නිෂ්පාදන කටයුතු අඩාල වීම හරහා ජපාන ආර්ථිකය ද මේ වෙනවිට විශාල අර්බුදයකට ලක් වී තිබේ.