සිය පාලන කාලය තුළදී බිත්තර නිෂ්පාදන සමාගමකින් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් ජපානයේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය Takamori Yoshikawa හට Tokyo දිස්ත්‍රික් උසාවිය මගින් බ්‍රහස්පතින්දා දින වසර දෙකයි මාස හයක සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.
2018 නොවැම්බර් සිට 2019 අගෝස්තු දක්වා වූ පාලන කාලය තුළදී Yoshikawa Akita Foods සමාගමේ එවකට සිටි ප්‍රධානියාගෙන් යෙන් මිලියන 5ක් ලබා ගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
"Yoshikawaගේ මෙම ක්‍රියාව ඉතා ද්වේශසහගත ක්‍රියාවක්. ඔහු අමාත්‍යවරයෙකු ලෙස කෘෂිකර්මාන්තය, වන විද්‍යාව සහ ධීවර පරිපාලනයේ සාධාරණත්වයට අසාධාරණයක් සිදු කළා" යනුවෙන් සභාපති විනිසුරු Katsuko Mukai ඔහුව සහ ඔහුගේ ක්‍රියාපටිපාටිය විවේචනය කොට තිබේ.