සිසුවෙකුට පහර දී හානි කළ ජපාන ප්‍රාථමික පාසල් ගුරුවරයා


අමානුෂික ලෙස සිසුවාට පහරදුන් ගුරු වරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනේ

.

ශිෂ්‍යයෙකු වාඩි වී සිටි පුටුවේ පිටුපසට පයින් පහර දීම හා සිසුවාට කස පහර ලබාදීම සම්බන්ධයෙන් මධ්‍යම ජපානයේ Shizuoka ප්‍රාන්තයේ Iawata නගරයේ Fukuda ප්‍රාථමික පාසලේ 27 හැවිරිදි ගුරුවරයෙකුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැයි 26 දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය කියා සිටියේය 

 

පාසලේ පන්ති කාමරයක සිසුන් අතර ඇති වූ ගැටලුවක් විසඳා ගනිමින් සිටියදී 2021 දෙසැම්බර් 16 දින ගුරුවරයා විසින් මෙම ශිෂ්‍යයා වාඩි වී සිටි පුටුවට පයින් පහර දී ශිෂ්‍යයා පුටුව සමඟින් ඉදිරියට ඇද වැටුණු පසුව කස පහර කීපයක් ලබා දී ඇති බව අධ්‍යාපන මණ්ඩලය සදහන් කළේය. 

 

සිසුවාගේ මව  පාසල අමතා සිදුවිම පිළිබඳව  වාර්තා කොට ඇති අතර "සිද්ධිය ප්‍රාන්ත නිවැසියන්ගේ විශ්වාසය පලුදු කරන නිසා සහ අපගේ සමාජ වගකීම විශාල බැවින් අපි අවංකවම සමාව අයදිමු " යනුවෙන් අධ්‍යාපන මණ්ඩලයේ ප්‍රධානී Shigehiro Ikegami මේ පිළිබඳව අදහස් දක්වමින් පැවැසීය.

Comments