බේස්බෝල් පුහුණුවීම් අතරතුරදී මියගිය සිසුවා


baseball පුහුණුවීම් අතරතුර විශ්වවිද්‍යාල සිසුවකු මියයයි

.

මධ්‍යම ජපානයේ Gifu ප්‍රාන්තයේ Ogaki හි පිහිටි Gifu Kyoritsu විශ්ව විද්‍යාලයේ මැයි 14 දින පැවති පුහුණුවීම් අතරතුරදී බේස්බෝල් කණ්ඩායමක ජ්‍යෙෂ්ඨයෙකු බිමට ඇදවැටී ඇති බවත් ඔහු පසුදින මියගිය බවත්  විශ්ව විද්‍යාලය විසින් මැයි 26 දින නිවේදනය කළේය.

 

කණ්ඩායමේ කළමනාකරු සහ එම ස්ථානයේ සිටි අනෙක් පුද්ගලයන් විසින් ගිලන් රථයක් අමතා නොමැති නමුත් කඩා වැටීමෙන් මිනිත්තු 30 කට පමණ පසු 22 හැවිරිදි ශිෂ්‍යයා  කණ්ඩායමේ මෝටර් රථයකින් රෝහලට ගෙන ගොස් තිබේ. ඔහු තාප ආඝාතයෙන් පෙළුණු බවට සැක කෙරෙන අතර මේ පිළිබඳව විමර්ශනයට තෙවන පාර්ශ්වීය කමිටුවක් පිහිටුවූ බව විශ්ව විද්‍යාලය අදහස් දක්‌වමින් පැවැසීය .  

 

22 හැවිරිදි තරුණයා රෝහල් ගත කිරීමට පෙර කරන ලද පරීක්ෂණයකදී Corona ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති බැවින් ඔහු වෙනත් රෝහලකට මාරුකර යවා ඇත. එහිදී ආසාදන පාලනයට පියවර ගත් නමුත් මැයි 15 වැනිදා ඔහු මිය ගොස් ඇති අතර මරණයට හේතුව විශ්වවිද්‍යාලය විසින් තවමත් හෙළිකර නොමැත.

Comments