සිරදඬුවමෙන් නිදහස් වූ ජපාන රතු හමුදාවේ සටන්කාමී නායකයා


ජපන් ඉතිහාසයේ නොමැකෙන චරිත

.

වර්තමානයේදී විසුරුවා හැර ඇති නමුත් 1970 සහ 1980 ගණන්වල ලොව පුරා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවක් දියත් කළ ජපාන රතු හමුදා සටන්කාමී සංවිධානයේ නිර්මාතෘ Fusako Shigenobu වසර 20 ක සිරදඬුවමකට පසුව මැයි 28 වන සෙනසුරාදා දින බන්ධනාගාරයෙන් නිදහස් කොට තිබේ. 

 

1974 දී නෙදර්ලන්තයේ Hague හි ප්‍රංශ තානාපති කාර්යාලය අත්පත් කොටගෙන සිය කණ්ඩායමේ හමුදා සාමාජිකයා නිදහස් කරන තුරු ප්‍රංශ තානාපතිවරයා ඇතුළු පිරිස ප්‍රාණ ඇපකරුවන් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් 76 හැවිරිදි Fusako සිරගත කරනු ලැබිණි. 

 

"මම නොදන්නා ජාතීන් පිරිසකට හානියක් කිරීම සම්බන්ධයෙන් මම සමාව අයදිමි. දැන් මගේ චිකිත්සාව සහ ඉගෙනීම කෙරෙහි මූලික අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි" යනුවෙන් පිළිකා ප්‍රතිකාර ලබමින් සිටින Fusako ටෝකියෝ හි වෛද්‍ය බන්ධනාගාරයෙන් පිටත වූ උද්‍යානයකදී වාර්තාකරුවන්ට පැවසීය.

125 Views

Comments