ශ්‍රී ලාංකීය දේශපාලනයට ජපානයේ සිට ලියමි...


ශ්‍රී ලංකාව හා ජපානය අතර දේශපාලන පරතරය

.

අද ලංකාව සහ ජපානය අතර වසර 70 ක රාජතාන්ත්‍රික සම්බන්ඳතාවයට “කනතොකා” හඬා ඇති බව ජපන් ශ්‍රී ලාංකීය ප්‍රජාව නොදන්නවා වුවද රජය සහ ඊට සම්බන්ඳ අය හොඳින්ම දන්නවා ඇත. මමද මගේ හිතමිතුරන්ගෙන් වරින් වර Update ලබාගනිමි. සුහද රටක් අපට ආදරය කරන රටක් අපට පිහිට වන්නට හිටිය එකම රට ද ජපානය පමණි. මේ ආදරනීය රට තරහ කරගත්තෙ එදා LRT සැහැල්ලු දුම්රිය වියාපෘතිය මුලුමනින්ම නවතා දමමින් “ජපානය අපට අධික වියදම් හිසමත දමන්නට යනවා සහ එම දුම්රියේ කන්ටේනර් රැගෙන යන්නට බෑ” යනාදි අවලාද සහ අපහාස කරමින්ය. පසුව එය තවත් නය උගුලක් ලෙස චීනයටම දෙන ලදි. සෑම විටම ජපානයට කුඩම්මාගේ සැලකිල්ල මේ “රාස්සපස්සයෝ” ටික නොඅඩුව කලේ චීනයේ සල්ලිවලට කෑදර වෙමිනි. අද ජපානයේ ශ්‍රී ලංකාව ගැන නිව්ස් එකක්වත් පෙන්නන්නේ අපට ආදරයකට නොවේ එයද චීනය ලෝකයට කරන විනාශයේ එක උදාහරනයක් ලෙස සාකච්චාකරන නිව්ස් එකක සාම්පලයක් ලෙසය. ලංකාවේ ජීවන වේදනාව හෝ රටේ අනාගතය ගැන අනුකම්පාසහගත නිව්ස් එකක් අද ජපානය ගුවන්ගත නොකරයි. උදව් කරන්නට හෝ අත දෙන්නට හිතලවත් නැත. ඒ “තොපිට එකවරක් එපානම් අපිට සියවරක් එපා කියාය”. මේ LRT අවලාදය ජපානයේ සෑම දෙනාම දනිති. එදා “රාස්සපස්සයෝ” කල අවලාද ඒ විදියටම සෑම චැනලයකම ගුවන්ගත කල නිසාය. ඉතිහාසයේ සිටම ලංකාව ගැන නිතර ලියන Yomiuri සහ Asahi පුවත්පත් අද නිහඬය. අප ගැන අනුකම්පාවක් නැති තරම්ය. වසර 1991 ඉන්දියාව අද අප සිටින තත්වයේම පසුවූ බව ඔබ නොදන්නවා විය හැක. එදා මුලින්ම ආධාර කලේ මේ ජපානය බවද ඔබ දන්නවාද....

එවකට සිටි ඉන්දීය තානාපතිගේ ක්‍රියාකලාපය සහ ජපන් රජයත් සමග කටයුතු කල ආකාරය අදටත් ජපානය පැසසුමට ලක්කරති. ඒ රාජතාන්ත්‍රික සම්බන්ඳය මනාලෙස භාවිතා කල නිසාය. මේ නිසාම මම මෙසේ ලියමි...

               හෙට දවසේ ජපානයට එන හෝ එවන ශ්‍රී ලාංකීය තානාපති තුමනි. ඔබ එන්නට පෙර ජපානය පිලිබඳ සාමාජීය සහ සංස්කෘතික සහ  ඓතිහාසික මෙන්ම රාජතාන්ත්‍රික පූර්ණ දැනුමකින් තොරව

මේ ජපානයට එන්න එපා මොකද ඔබට ඔබවම එපාවනු ඇත. ඔබට ඔබ ගැන කලකිරීමක් ඇතිවනු ඇත. ඔබට මානසික ආතතිය ඇතිවී රෝගාතුරවිය හැක. ඒ නිසා යන්න ලැබුනත් මේ මා ලියූ ලිපිය නෙත ගැටුනේ නම් දෙවරක් හිතන්න කියා මම ඉල්ලා සිටිමි.

 

Copied

By Kapila Bandara

Comments