රෝහලේදී හෙදියකට පිහියකින් පහර දුන් රෝගියාගේ සැමියා


හෙදියකට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ

.

සෙනසුරාදා ප.ව 3.30ට පමණ Mie ප්‍රාන්තයේ Tsu ප්‍රදේශයේ පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකගේ Akira Kozaki නම් 74 හැවිරිදි සැමියා විසින් රෝහලේ සේවයේ නියුතු 50 හැවිරිදි හෙදියකට පිහියෙන් ඇන ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ .

 

ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී එම හෙදිය Akira ගේ බිරිඳට උපස්ථාන කරමින් වාට්ටුවේ සිට ඇති අතර ඔහු කාමරයට ඇතුළු වී ඇගේ උදරයේ වම් පැත්තට පිහියෙන් ඇන ඇත . වෙනත් කාමරයක සිටි රෝගියෙකු හෙදියගේ කෑගැසීම ඇසී 110 ට කතා කොට සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කොට ඇති අතර පොලිස්‌ නිලධාරීන් පැමිණි ඒ වනවිටත් රෝහලේ රැදී සිටි Akira අත්අඩංගුවට ගෙන තිබේ .

 

හෙදියට පිහියෙන් ඇනීමේ අරමුණින් තම නිවසින් පිහියක් රැගෙන ආ බව Akira පිළිගෙන ඇති බවත්, හෙදියගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බවත් පොලිසිය සඳහන් කළේය.

116 Views

Comments