ඉන්දුනීසියාවේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී යාමෙන් 25ක් අතුරුදන්


ඉන්දුනීසියාවේ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් අතුරුදහන් වෙයි

.

බ්‍රහස්පතින්දා උදෑසන Makassar හි වරායෙන් ගමන් ආරම්භ කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් Pangkep Regency හි Kalmas දූපත දක්වා ගමන් කරමින් සිටියදී ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු Sulawesi පළාතේ Makassar සමුද්‍ර සන්ධියේදී ගිලී ගොස්‌ ඇති අතර එහිදී අතුරුදන් වූ පුද්ගලයන් 25 දෙනෙකු සොයා ඉන්දුනීසියාවේ මුදාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් සිදු කරමින් සිටින බව බලධාරීහු ඉරිදා ප්‍රකාශ කළහ.

 

අනතුර සිදුවන අවස්ථාවේ නෞකාවේ පුද්ගලයින් 42 දෙනෙකු සිට ඇති අතර ඒ අවස්ථාවේදී මුහුදේ ගමන් කරමින් තිබූ ටග් බෝට්ටු දෙකකින් පුද්ගලයන් 17 දෙනෙකු මුදාගෙන ඇති බව පළාතේ සෙවීම් සහ ගලවා ගැනීමේ ආයතනයේ ප්‍රධානී Djunaidi පැවසීය. 

 

අතුරුදන් වූ මගීන් සෙවීමේ මෙහෙයුම් කටයුතු සඳහා දේශීය ධීවර බෝට්ටු, ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහ මෝටර් බෝට්ටු දෙකක් මෙන්ම සෝදිසි සහ ගලවා ගැනීමේ බෝට්ටුවක් යොදවා ඇති අතර දූපත් 17,000කට වැඩි ප්‍රමාණයකින් යුතු දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙවැනි ඛේදවාචක සාමාන්‍ය දෙයක් බව සඳහන් වේ.

122 Views

Comments