නැගෙනහිර ජපානයේ අලුතෙන් විවෘත වූ තොරතුරු තාක්ෂණ පාසල


නැගෙනහිර ජපානයේ පාසල් සිසුන් සඳහා අලුතෙන් තොරතුරු තාක්ෂණ පාසලක් විවෘත වේ

.

තොරතුරු තාක්ෂණ දැනුම පූර්ණ ලෙස ප්‍රයෝජනයට ගෙන  විවිධ ගැටලු විසඳීමට හැකි මානව සම්පත් ප්‍රමාණය සංවර්ධනය කිරීමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස නැඟෙනහිර Gunma ප්‍රාන්ත නගරය විසින් තුන්වන සිට හයවන ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික පාසල් සිසුන් සඳහා ක්‍රමලේඛන පාසලක් විවෘත කිරීම සිදුකරනු ලබයි. 

 

අත්හදා බැලීමේ පන්ති අවසානයේදී තේරීම් ක්‍රියාවලියෙන් සමත් වන සිසුන් 48 දෙනෙකු Gunma ප්‍රාන්තයේ Ota හි Ota ක්‍රමලේඛන පාසලට ඇතුළත් කරනු ලැබේ.  2023 ජූනි 7 සිට පෙබරවාරි 21 දක්වා සෑම අඟහරුවාදා දිනකම සහ 2023 ජූනි 9 සිට මාර්තු 2 දක්වා සෑම බ්‍රහස්පතින්දා දිනකම පාසලේ පන්ති පැවැත්වීමට නියමිතය. 

 

" ප්‍රාථමික පාසලේ පන්තිවල ප්‍රතිඵලයක් ලෙස තොරතුරු තාක්ෂණ වැඩසටහන්කරණයට උනන්දුවක් ඇති කර ගත් ළමුන් සඳහා නව ස්ථානයක් ලෙස මෙම පාසල සේවය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා" යනුවෙන් Ota නාගරික රජයේ තොරතුරු කළමනාකරණ අංශයේ උප අංශ ප්‍රධානියෙකු වන Jun Hashimoto පැවැසීය.

Comments