වාර්තාගත ගුරු හිඟයකින් පීඩා විඳින ජපාන රජයේ පාසල්


ජපානයේ බොහෝ ප්‍රාන්ත වලින් විශාල ගුරු හිඟයක් වාර්තා වේ

.

2022 නව අධ්‍යයන වර්ෂය අපේ‍්‍රල් මාසයේදී  ආරම්භ වීමෙන් පසුව ජපානය පුරා විසිරී පවතින රජයේ පාසල් විශාල ප්‍රමාණයක් ගතවූ මාස කිහිපය තුළ පූර්ණය කළ නොහැකි ගුරු හිඟයකින් පිඩා විඳින බව පාසල් ක්‍රියාකාරුවන් පසුගියදා නිවේදනය කළේය .

 

අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය මූල්‍ය වර්ෂයේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් සිය පළමු සමීක්ෂණය සිදු කළ අතර, පසුගිය වසරේ අප්‍රේල් වන විට රට පුරා රාජ්‍ය අධ්‍යාපන ස්ථාන 1897 ක ගුරුවරුන් 2558 දෙනෙකුගේ හිඟයක් පවතින බව අනාවරණය කොටගෙන තිබේ. 

 

වැඩ කරන පැය ගණන දිගු වීම හේතුවෙන් රැකියා සොයන්නන් අධ්‍යාපනඥයින් වීමට පසුබට වීම සහ ස්ථීර ගුරුවරුන් අඩු වීම යන කරුණු වත්මන් ගුරු හිඟයට හේතු වී ඇතැයි විශ්වාස කෙරෙන අතර රෝගාබාධ හෝ දරු ප්‍රසූතිය වැනි හේතූන් නිසා දැනට සේවයේ යෙදෙන වැඩි දෙනෙක් නිවාඩු ලබා ගතහොත් මෙම ගුරු හිඟය තවදුරටත් උග්‍ර වනු ඇතැයි පැවැසේ .

98 Views

Comments