අර්ධ-කාලීන උපදේශක වැටුප් ගෙවීම ප්‍රතික්ෂේප කළ විශ්ව විද්‍යාලය


ජපාන විශ්ව විද්‍යාලයක් එහි කථිකාචාර්යවරියක ට අර්ධකාලීන ගෙවීම් සිදු කිරීම ප්‍රතික්ෂේප කරයි

.

අර්ධකාලීන භාෂා උපදේශකවරියක් ලෙස Sophia විශ්වවිද්‍යාලයේ සේවය කළ 60 හැවිරිදි කථිකාචාර්යවරියකට වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් සිදුවූ වරද නිවැරදි කරන ලෙස ඉල්ලා කම්කරු ප්‍රමිති පරීක්ෂණ කාර්යාලය මඟින් ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීම පිළිගැනීම විශ්වවිද්‍යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව නඩුවට සමීප මූලාශ්‍ර පසුගියදා නිවේදනය කළේය. 

 

එම මූලාශ්‍රයට අනුව, නිවැරදි කිරීමේ උපදේශනය කම්කරු ප්‍රමිති පනත මත පදනම් වන අතර එය නීතිමය උල්ලංඝනයක් පිළිබඳ උපකල්පනය කෙරෙන පරිපාලන මාර්ගෝපදේශයක කොටසකි. පාසලේ ක්‍රියාව නිවැරදි කිරීමට අපොහොසත් වීම නිසා නීතිපතිවරුන් වෙත නඩුව යොමු කළ හැකි බැවින්, පරිපාලන නියෝගය නොතකා හැරීම සදහා හේතු දක්වන ලෙස අදාළ පාර්ශ්වයන් ඉල්ලා සිටියහ. 

 

විශ්ව විද්‍යාලයේ හඳුන්වාදීමේ ජපන් භාෂා පාඨමාලාවක් උගන්වන ඇය 2020 සහ 2021 වසරවල මාර්ගගත ක්‍රමයෙන් ඉගැන්වීම සදහා අවශ්‍ය පාඨමාලා ද්‍රව්‍ය සකස් කිරීමට පැය 105ක් පමණ වැය කළ බවත් , වැටුප් වශයෙන් යෙන් 750,000ක් ගෙවා නොමැති බවත් කියා සිටියාය. මෙලෙස වැටුප් නොගෙවීම කම්කරු ප්‍රමිති පනතට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ලෙස සලකන බැවින් ඇය විසින් 2021 සැප්තැම්බර් මාසයේදී මෙම පැමිණිල්ල ගොනු කොට තිබේ.

Comments