Sapporo හි ව්‍යාප්ත වෙමින් පවතින වලසුන්ගේ භීතිය


Sapporoහි වලසුන් සම්බන්ධව භීතිකාවක් පැතිරේ

.

අප්‍රේල් මාසයේ අග සිට මේ දක්වා වූ කාලය තුළ Sapporo හි වලසුන් දර්ශනය වීමේ සිදුවීම් රැසක් වාර්තා වී ඇති නමුත් නගරයේ සැරිසරන සතුන්ගේ සලකුණු , පා සටහන් සහ අසූචි බොහෝ ස්ථාන වලින් තහවුරු වී නොමැති බව නාගරික බලධාරීන් පැවැසීය. 

 

2021 වසරේදී ඇතිවූ වලස් ප්‍රහාර කිහිපයකින් අනතුරුව ප්‍රදේශය පුරා ව්‍යාප්ත වූ දුඹුරු වලසුන්ගේ සිදුවීම් හේතුවෙන් නිවැසියන් තුළ හටගෙන ඇති භීතිය වැඩි වී ඇති බව මෙලෙස ඉහළ යන පැමිණිලි සංඛ්‍යාවෙන් පැහැදිලි වන බවත් වලසුන් පිළිබඳව තොරතුරු හුවමාරු කර ගැනීමෙන් නිවැසියන්ගේ කාංසාව සමනය කළ හැකි බවත් Hokkaido පර්යේෂණ සංවිධානයේ පර්යේෂණ විශේෂඥ Tsutomu Mano අදහස් දක්‌වමින් පසුගියදා පැවැසීය. 

 

Hokkaido ප්‍රාන්ත පොලිසියට අනුව, මැයි 6 වැනි දින උදෑසන වන විට වලසුන් දැකීමේ වාර්තා 23ක් උතුරුදිග ප්‍රාන්තයේ පොලිසියට ගොනු කර තිබූ අතර Sapporo හි Higashi Ward හි පදිංචිකරුවන් හතර දෙනෙකු වලස් ප්‍රහාරයෙන් තුවාල ලැබීමෙන් පසුව වලසුන් දුටු ස්ථානය අසල ප්‍රාථමික හා කනිෂ්ඨ උසස් පාසල් තුනක පන්ති අවලංගු කළ බව වාර්තා විය.

172 Views

Comments