නව වීසා සැකසුම යටතේ සිය පවුලේ සාමාජිකයන් ජපානයට ගෙන්වා ගැනීමට සමත් වූ පළමු විදේශිකයා


තම සාමාජිකයන් ජපානයට ගෙන්වා ගැනීමට ප්‍රථම ප්‍රථම වරට විදේශීය සේවකයෙකුට හැකිවේ

.

දශකයකට ආසන්න කාලයක් තම ශ්‍රමය ජපානය වෙනුවෙන් කැප කරමින් ඉදිකිරීම් සමාගම් සේවකයෙකු ලෙස සේවයේ නියුතු 35 හැවිරිදි චීන ජාතික Weng Fei හට “නිශ්චිත කුසලතා” වීසා ක්‍රමය යටතේ II පන්තියේ තත්ත්වයක් ලැබීම හේතුවෙන් තම පවුල චීනයෙන් ජපානයට ගෙන්වා ගැනීමේ පලමු අවස්ථාව හිමිවී තිබේ. 

 

විදේශයන්හි සිට ජපානයට වැඩි ශ්‍රමිකයන් පිරිසක් ගෙන්වා ගැනීමේ අපේක්ෂාවෙන් මෙවැනි රාමුවක් රජය විසින් හඳුන්වා දුන් අතර ගතවූ වසර තුනක කාලය තුළදී වැඩි දියුණු කරන ලද වීසා සහතික කිරීමේ යාන්ත්‍රණය යටතේ විශිෂ්ට කුසලතා ඇති පළමු විදේශිකයා ලෙස අප්‍රේල් මාසයේදී  Fei නම් කෙරිණි. 

 

අනාගතයේදීත් ජපානය තුළ වැඩ කිරීමට ඇති ඔහුගේ ආශාව මනාව පැහැදිලි කරමින් "මගේ පවුලේ අයට මෙතැන් සිට මා සමඟ ජීවත් වීමට හැකිවීම ගැන මම වඩාත් සතුටු වෙනවා" යනුවෙන් Fei පැවැසීය.

Comments