දකුණු කොරියානු නෞකාවේ මතභේදයට තුඩු දී ඇති දූපත් සමික්ෂණය


දකුණු කොරියානු නෞකාවක් ජපානයේ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ප්‍රදේශයක සමීක්ෂණයක් කර ඇති බව තහවුරු වේ

.

ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ මතභේදයට තුඩු දී ඇති ජපාන දූපත් ආශ්‍රිත මුහුදේදී දකුණු කොරියානු පර්යේෂණ නෞකාවක් විසින් සමුද්‍ර සමීක්ෂණයක් සිදු කර ඇති බව ජපානය නිවේදනයක් නිකුත් කරමින් මැයි 29 වන ඉරිදා දින තහවුරු කොට තිබේ. 

 

"Hae Yang 2000" නෞකාව Tokyo හි පූර්ව අවසරයකින් තොරව දූපත් යුගලයෙන් මුහුදට කම්බි වැනි වස්තුවක් දිගු කර ඇති බව ජපාන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන අතර එම සමීක්ෂණය තමන් සිදුකළ බවට දකුණු කොරියානු රජය මේ වනවිට පිළිගෙන ඇති බව වාර්තා වේ. 

 

පූර්ව අනුමැතියකින් තොරව ජපානයේ EEZ තුළ එවැනි සමීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් ජපානය විසින් දකුණු කොරියාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හට මේ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යාංශය පැවැසීය.

128 Views

Comments