නේපාලයේ කඳුකර ප්‍රදේශයේදී අතුරුදන් වූ ගුවන් යානය


නේපාල කඳුකර ප්‍රදේශයක දී සැහැල්ලු ගුවන් යානයක් අතුරුදන් වෙයි

.

ඉරිදා දින කත්මණ්ඩු නුවරට කිලෝමීටර් 200ක් පමණ නැගෙනහිරින් පිහිටි Pokhara නම් නිවාඩු නිකේතනයේ සිට Jomsom නම් කඳුකර නගරය වෙත පුද්ගලයන් 22 දෙනෙකු රැගෙන ජනප්‍රිය සංචාරක මාර්ගයක මිනිත්තු 15ක ගුවන් ගමනක යෙදී සිටි Tara Airlines හි turboprop Twin Otter ගුවන්යානය, ගුවන් තොටුපළ කුළුණ සමඟ පැවැත්වූ සම්බන්ධතා මද වේලාවකට පසු අභිරහස් ලෙස බිඳී ගොස් තිබේ. 

 

ගුවන්යානය හෝ එහි සිටි මගීන් පිළිබඳ කිසිදු තොරතුරක් තවමත් වාර්තා වී නොමැති බවත් සෝදිසි කිරීමේ මෙහෙයුම් දිගටම සිදු කරගෙන යන බවත් පොලිස් නිලධාරි Ramesh Thapa අනතුර සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පැවැසීය .

 

ඉන්දියානුවන් හතර දෙනෙකු සහ ජර්මානු ජාතිකයින් දෙදෙනෙකු ද ඇතුළුව ගුවන් යානයේ විදේශිකයින් හය දෙනෙකු සිට ඇති අතර,  නිර්නාමික කොන්දේසි මත මාධ්‍ය වෙත කතා කිරීමට අවසර නොමැති පොලිස් නිලධාරියෙකු එහි ගමන් කොට ඇති බව පැවැසේ. පසුගිය දින කිහිපයක සිට ප්‍රදේශයට දිගටම වර්ෂාව පතිත වූ නමුත් ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක  කළ බව නිලධාරීන් පැවැසීය.

Comments