සහයෝගීතාව පුළුල් කළ ජපානයේ සහ දකුණු කොරියාවේ ව්‍යාපාරික නායකයෝ 


ජපානයේ හා දකුණු කොරියාව අතර සබඳතා තවත් පුළුල් වේ

.

මේ මස මුලදී ජනාධිපති Yoon Suk Yeol බලයට පත්වීමෙන් පසු ජපානය සහ දකුණු කොරියාව  දෙපාර්ශ්වයේ සබඳතා වැඩිදියුණු වීමේ සලකුණු සාදරයෙන් පිළිගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙරටේ ව්‍යාපාරික නායකයින් ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා වූ යෝජනා වලට සඳුදා  දිනයේදී සිය එකඟත්වය පළ කළහ. 

 

"අසල්වැසි රටවල් අතර යුධ කාලීන ඉතිහාසය හා සම්බන්ධ ගැටළු තිබියදීත්, රජයන් දෙක සංවාදය ප්‍රවර්ධනය කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් දුෂ්කර පරිසරයක, දෙරටේ සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය අර්බුදය ජය ගැනීමට බලය වනු ඇති බවත් " මාර්ගගත හමුවකින් පසු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් දෙරටේ නායකයින් සදහන් කොට තිබේ . 

 

අසල්වැසියන් දෙදෙනා අතර බෙදාගත් අඩු උපත් අනුපාතය , වයස්ගත ජනගහනය මෙන්ම පාරිසරික ගැටළු වැනි දෙරටේ පොදු අර්බුද විසඳීම සඳහා සහයෝගීතාවයට එකඟ වීමෙන් පසුව "අපිට විශාල බලාපොරොත්තුවක් සොයා ගැනීමට හැකි විය" යනුවෙන් දකුණු කොරියානු සහකරු Kim Yoon පැවසීය.

 

සාකච්ඡා අවසානයේදී අදහස් දක්වමින් ජපාන-කොරියාවේ ආර්ථික සංගමයේ ප්‍රධානී Mikio Sasaki පැවැසුවේ ආර්ථික, පිරිස් සහ සංස්කෘතික හුවමාරුව දුෂ්කර කාලවලදී විශේෂයෙන් වැදගත් වන බැවින් සාකච්ඡා වඩා ඵලදායී බවයි .

150 Views

Comments