චීන අගමැති හමුවූ හොංකොං හි මීළඟ නායකයා


හොංකොංහි මීළඟ නායකයා චීන අගමැති හමුවෙයි

.

අර්ධ ස්වාධීන නගරයේ නායකත්වය භාර ගැනීමට මසකට පෙර මැයි 30 වන සඳුදා දින චීන අග්‍රාමාත්‍ය Li Keqiang සමඟ පැවති උත්සවයකදී හොංකොං හි මීළඟ නායක ලෙස පත්වීමට නියමිතව සිටින John Lee සිය පත්වීම් ලිපිය Beijing වෙතින් නිල වශයෙන් ලබා ගත්තේය.

 

"මෙම වැදගත් කාලය තුළ, හොංකොං චීනයට නැවත පැමිණීමේ 25 වන සංවත්සරයේදී, මා සතුව ඇති විශාල වගකීම මම ගැඹුරින් තේරුම් ගනිමි. විශ්වාසවන්තව සහ ස්ථිරව නගරයට නායකත්වය දෙමි" යනුවෙන් දින හතරක සංචාරයක් සඳහා සෙනසුරාදා Beijing වෙත ගමන් කළ Lee අදහස් දක්‌වමින් ප්‍රකාශ කළේය .

 

වැඩි වශයෙන් Beijing හි සාමාජිකයින්ගෙන් සැදුම්ලත් මැතිවරණ කමිටුවක් මඟින් ප්‍රකාශ කරන ලද සියලුම ඡන්ද වලින් 99% කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින්, මේ මස මුලදී නිතරගයෙන් මැතිවරණය ජයග්‍රහණය කිරීමට Lee සමත්වූ අතර හොංකොං හි මිනිසුන්ගේ ආර්ථිකය මෙන්ම ජීවනෝපාය ක්‍රමයන් දියුණු කරන මෙන් බලධාරීන් ඔහුගෙන් ඉල්ලා සිටියහ .

135 Views

Comments