උසස් පාසල් ගුරුවරියගේ දෝෂාරෝපණ ඉවසා ගැනීමට නොහැකිව රෝගීවූ පාසල් දැරිය


උසස් පාසලක ගුරුවරියක් එහි ශිෂ්‍යාවක ඇයගේ කොණ්ඩය නිසා අධික ලෙස දෝෂ දෝෂ දර්ශනයට ලක් කොට තිබේ

.

ඇගේ දුඹුරු පැහැති කොණ්ඩය හේතුවෙන් නිරන්තරයෙන් ගුරුවරියකගේ සහ ඇගේ පාසල්  සේවිකාවගේ තරවටු කිරීම් වලට මෙන්ම ඇතැම්විට පහරදීම් වලට පවා ලක්වීමට 16 හැවිරිදි උසස් පාසල් සිසුවියක සිදුවූ බව  පසුගියදා හෙළිවී තිබේ. 

 

ඇය දෙදෙනාටම හේතු පැහැදිලි කිරීම සඳහා තම මව ඇමතීමට උත්සාහ කිරීමට ඇගේ ස්මාර්ට් ජංගම දුරකථනය එළියට ගත් නමුත්, ගුරුවරයා සහ කාර්ය මණ්ඩලය ඇගේ අත් දෙක බැඳීමට මෙන් එකට අල්ලගෙන ඇති අතර කාර්ය මණ්ඩලය ඇගේ කොණ්ඩය කිහිප වතාවක්ම ඇද ඇති බවද වාර්තා වේ .  

 

සිසුවිය එහිදී කලබල වීම නිසා ක්ලාන්ත වී ඇති අතර පසුව මානසික වෛද්‍ය සායනයේදී දැරිය කාංසාව ආබාධයකින් පෙළෙන බව හඳුනාගෙන තිබේ. 

 

මේ නිසා සිසුවියගේ දෙමාපියන් මේ පිළිබඳව අදහස් දක්‌වමින් ප්‍රකාශ කළේ "වයස අවුරුදු 3 සිට මධ්‍යම පාසලට ඇතුළු වනතුරුම පිහිනුම් පාසලකට යාම නිසා ඇයගේ හිසකෙස් දුඹුරු පැහැවී ඇති බවත් පාසලේ නීතිරීතිවලට අනුකූලව, Hyogo ප්‍රාන්ත උසස් පාසලට ඇතුළු වන විට ඇයගේ හිසකෙස් වර්ණය හේතු සහිතව වාර්තා කළ නමුත් , ඇයගේ හිසකෙස් කළු පාට කිරීමට අවශ්‍ය නොවන බව පාසල විසින් තමන්ට දැන්වූ " බවයි .

113 Views

Comments