රෝගාතුරව සිටි තම 3 හැවිරිදි දියණිය 2021 වසරේ අගභාගයේදී මියයන තුරුම නොසලකා හැර සිටීමේ චෝදනාව මත ඇගේ මව ලෙස සැලකෙන කාන්තාවක් Saitama ප්රාන්ත පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Saitama ප්රාන්තයේ Kasukabe හි ජීවත් වූ රැකියා විරහිත 31 හැවිරිදි Nana Nagano නම් සැකකාර මව තම දියණියගේ අස්ථි බිඳීමකට ලක්ව ඇති බව ඇයගේ මරණයට පෙර සිටම දැන සිටි නමුත් ඇගේ තුවාල සඳහා ප්රතිකාර ලබාදීමේදී නොසැලකිලිමත් වී ඇති බවත් දැරිය අපයෝජනය කර ඇති බවට විශ්වාස කරන බවත් පොලිසිය පැවැසීය.
ඇගේ ඉහළ කකුලේ අස්ථි බිඳීමක් නිසාවෙන් ඇවිදීමට නොහැකිව සිටි දැරිය අවසාන මොහොතේදී රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අතර මියයන විට ඇගේ හිසේ සහ මුහුණේ තුවාල තිබූ බවද සදහන් වේ.
Nagano 2021 දෙසැම්බර් මැද සිට දෙසැම්බර් අග දක්වා කාලය තුළ ඇය සමඟ ජීවත් වූ 37 හැවිරිදි එවකට පෙම්වතා සමඟ ජීවත් වීමට පටන් ගැනීමෙන් පසු ළමා අපයෝජනය ආරම්භ වී ඇති අතර ඉන් මාසයක පමණ කාලයකදී දැරිය මිය ගිය බවට පොලිසිය සැක පළ කර තිබේ.