රටපුරා Fiber-Optic ජාල ව්‍යාප්තිය වර්ධනය කිරීමට පියවර ගත් ජපානය


ජපානයේ රටපුරා fiber optic ජාලය ස්ථාපිත කිරීමට පියවර ගනී

.

COVID-19 වසංගතය හමුවේ ඩිජිටල් පරිවර්තනයේ පසුගාමී බවක් ගෝලීය වශයෙන් උද්ගතවී ඇති බැවින් 2028 මාර්තු දක්වා වූ මූල්‍ය වර්ෂය අවසන් වීමට පෙර රටතුළ වෙසෙන පවුල් වලින් 99.9% ක් ආවරණය වන පරිදි Fiber-Optic අධිවේගී ජාල ව්‍යාප්ත කිරීම සඳහා ජපාන රජය සැලසුම් සකස් කරමින් සිටින බව රාජ්‍ය ප්‍රතිපත්තියක් පසුගිය බදාදා පෙන්වා දුන්නේය .

 

එදිනෙදා ජීවිතයේදී සියලු වැසියන් හට ඩිජිටල් සේවා සඳහා සුමට ප්‍රවේශයක් ලබා ගත හැකි බව සහතික කිරීමේ අරමුණින් අගමැති Fumio Kishida විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති දැක්මෙහි ප්‍රධාන අංගයක් ලෙස මෙය දක්වා තිබේ .   

 

2026 මූල්‍ය වර්ෂය අවසන් වන විට රට තුළ සිටින ඩිජිටල්කරණය පිළිබඳ විශේෂඥ දැනුමෙන් පරිපූර්ණ දත්ත විද්‍යාඥයන් වැනි  පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 2.3 සිට මිලියන 3.3 දක්වා වැඩි කිරීමේ ඉලක්කයද ප්‍රතිපත්තියේ අනෙකුත් යෝජනාවලට ඇතුළත් වේ.

 

" අපට දැන් නිශ්චිත ප්‍රතිපත්තියක් තියෙනවා. එනිසා දැක්ම සාක්ෂාත් කර ගැනීමට සහ දෘශ්‍ය ප්‍රතිපල නිපදවීමට රජයේ සියලු ප්‍රයත්නයන් දියත් කිරීමට කාලය එළඹ ඇත " යනුවෙන් ඩිජිටල්කරණට මුලපිරීම  වෙනුවෙන් වූ කාර්යය මණ්ඩලයක රැස්වීමකදී Kishida පැවසීය.

93 Views

Comments