ජපානයට පැමිණි යුක්‍රේන ආධුනික සුමෝ මල්ලවපොර ක්‍රීඩකයෝ


යුක්රේනයේ ආධුනික සුමෝ ක්‍රීඩකයෝ ජපානයට පැමිණෙයි

.

ජූලි මාසයේ එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත ලෝක මල්ලවපොර ක්‍රීඩා උළෙලේදී යුද්ධයෙන් පීඩාවට පත් තම රටට අභිමානයක් එක් කිරීමේ පොරොන්දුව පිට බාධාවකින් තොරව පුහුණුවීම් වල කටයුතු වල නිරත වීමේ අරමුණින් යුක්‍රේනයේ ආධුනික සුමෝ මල්ලවපොර ක්‍රීඩකයින් අඟහරුවාදා Tokyo හි පිහිටි ඔවුන්ගේ තානාපති කාර්යාලයට  පැමිණියහ. 

 

රුසියාවේ ආක්‍රමණය මධ්‍යයේ සිය මව්බිමේ පුහුණු කිරීම වඩ වඩාත් දුෂ්කර වීම හේතුවෙන් යුක්‍රේනයේ සිට අට දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායම මෙලෙස ජපානයට පැමිණි අතර තරඟාවලියට සහභාගී වීමට පෙර බටහිර ජපානයේ Oita සහ Ehime ප්‍රාන්තවල ඔවුන්ගේ පුහුණු කටයුතු පැවැත්වීමට සැලසුම් කොට තිබේ. 

 

“යුක්රේනයට මා සතුව ඇති සියල්ල ලබා දීමට දැන් කාලයයි " යනුවෙන් විවිධ බර කාණ්ඩ යටතේ 2018 සහ 2019 ලෝක ශූරතා දෙකේදීම තුන්වන ස්ථානයට පත්වූ 33 හැවිරිදි Oleksandr Veresuik පැවැසීය.

109 Views

Comments