වසංගතය හේතුවෙන් අඩු වූ වාර්ෂික ජපන් වීසා නිකුතුව


වසංගතය හේතුවෙන් ජපානය නිකුත් කළ වීසා ප්‍රමාණය අඩුවේ

.

ජපානය තුළ වසංගතය ආශ්‍රිත සංචාරක සීමාවන් හේතුවෙන් පනවා තිබූ සංචරණ සීමා හේතුවෙන් 1999 දී සංසන්දනාත්මක වාර්තා ලබා දීමෙන් පසු 2021 වසරේදී සංචාරකයන් පැමිණීමේ අවම සංඛ්‍යාව සනිටුහන් කරමින්, රට තුළට ඇතුළු වූ විදේශ ජාතිකයින් 90,306 දෙනෙකුට වීසා නිකුත් කර ඇති බව විදේශ අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

 

" එළැඹෙන බදාදා සිට දෛනික විදේශ ප්‍රවේශයන්හි පවතින සීමාව දෙගුණ කරමින් එක් දිනකදී රට තුළට ඇතුළු වන සංචාරකයන් සංඛ්‍යාව 10,000 සිට 20,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ" යනුවෙන් ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno මේ මස මුලදී පැවසුවේය. 

 

නමුත් ජපානය ජුනි 10 දින සිට රටවල් 98 කින් සහ කලාපවලින් විදේශීය සංචාරකයින් පිළිගැනීම ආරම්භ කිරීමට මෙන්ම ආසාදන පැතිරීමේ විභවය අවම කිරීමේ මාධ්‍යයක් ලෙස ඔවුන් මාර්ගෝපදේශ සංචාරවලට සීමා කිරීමට පියවර ගෙන තිබේ .

272 Views

Comments