පිහි ඇනුමකින් ශ්‍රී ලාංකිකයෙකු මරුට


ඉබරකි ප්‍රාන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු පිහි ඇනුමකින් මරුමුවට පත්වේ

.

ඊයේ (06/05 )වැනි දින රාත්‍රියේ ඉබරාකි ප්‍රාන්තයේ බන්දෝශි ප්‍රදේශයේ වයස අවුරුදු 40 ක පමණ ශ්‍රී ලාංකිකයෙකු පිහි ඇනුමකින් සිදු වූ තුවාල හේතුවෙන් මියගොස් තිබෙනවා..

එම ස්ථානයේ තිබී මුළුතැන්ගෙයි ලේ වැගිරෙන පිහියක් හමුවී ඇති අතර, පොලීසිය මෙම මිනීමැරුමට සම්බන්ධයෙන් සැකපිට තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් ප්‍රශ්ණ කරමින් සිටිනවා.

පොලිසිය පවසන පරිදි 05 වැනිදා රාත්‍රී 10 ට පමණ "තෙරකු" බන්දෝශි ප්‍රදේශයේ විදේශීය සේවකයන් සේවය කරන පාවිච්චි කරන ලද පාවිච්චි කළ මෝටර් රථ වැනි අපනයනයට සම්බන්ධ ආයතනයක් තුල ඇතුවූ ගුටි බැටහුවමාරුවකින් පසුව මේ මිනී මැරුම සිදුවී තිබෙනවා.

ආයතන පරිශ්‍රයේ ගොඩනැඟිල්ලක පපුවෙන් ලේ ගලමින් සිටි පුද්ගලයකු සොයා පොලිසිය රෝහලට ගෙන ගිය අතර එහිදී ඔහු මියගොස්‌ ඇති බව තහවුරු විය.

එම ස්ථානයේ තිබී ලේ සහිත මුළුතැන්ගෙයි පිහියක් තිබී ඇති නිසා පොලිසිය සිද්ධිය මිනීමැරුමක් ලෙසින් විමර්ශනය කරන අතර ඒ අසල සිටි 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කරන බව සඳහන්.

 

https://www3.nhk.or.jp/shutoken-news/20220606/1000080650.html

515 Views

Comments