අපකීර්තියෙන් පසු යළි නැගී සිටීම වෙනුවෙන් නව සභාපතිනියක් පත් කළ ජපාන විශ්වවිද්‍යාලය 


Nihon විශ්ව විද්‍යාලය නව සභාපතිනියක් පත් කරයි

.

හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයෙකු සම්බන්ධ අපචාර මාලාවකින් අනතුරුව එහි නායකත්වය කීර්තිමත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ උත්සාහයක් ලෙස Tokyo අගනුවර පිහිටි Nihon විශ්ව විද්‍යාලය විසින්  සම්මානලාභී කතුවරියක වන වන Mariko Hayashi එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බව මේ සම්බන්ධ සමීප මූලාශ්‍ර බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.

 

සිකුරාදා දින පැවැත්වීමට නියමිත අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අදාළ යෝජනාව සදහා අනුමැතිය හිමි වුවහොත් 68 හැවිරිදි පාසලේ උපාධිධාරිනියක වන Hayashi හට ජූලි 1 වැනිදා සිට එම තනතුර භාර ගැනීමට හැකි වේ. එසේ වුවහොත් ඇය ජපානයේ විශාලතම විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පළමු කාන්තා සභාපතිනිය ලෙසට නම් කෙරෙනු ඇත. 

 

"මට මගේ පාසල වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍ය බව නිතරම හැඟුණා. මම හිතන්නේ මට හෙට ඒ පිළිබඳව නිල වශයෙන් කතා කිරීමට හැකි වේවි" යනුවෙන් ටෝකියෝ නුවරදී මාධ්‍යවේදීන් අමතමින් Hayashi පැවැසුවාය. 

 

ජනප්‍රිය කතුවරයකු වන Hayashi විසින් 1986 දී ප්‍රබන්ධ සඳහා ජපානයේ කීර්තිමත් Naoki ත්‍යාගය දිනාගත් අතර 2018 දී අධ්‍යයන හා කලාත්මක ක්ෂේත්‍රවල සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුද්ගලයින්ට රජය විසින් පිරිනමන දම් පාට රිබන් සහිත පදක්කම ද ලබා ගත තිබේ. ඇය දැනට ජපන් ලේඛක සංගමයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබයි.

102 Views

Comments