දැඩි හිරු රශ්මියෙන් බලපෑමට ලක්වූ ඔසාකා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ


ජපානයේ දැඩි හිරු රශ්මිය හේතුවෙන් Osaka විද්‍යාලයේ ශිෂ්‍යයාවන් දැඩි අපහසුතාවයට පත් වෙයි

.

ජූනි 2 වන බ්‍රහස්පතින්දා දින බටහිර ජපාන නගරයේ Osaka's Chuo Ward හි Osaka Jogakuin කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ උසස් පාසලේ පැවැති ක්‍රීඩා දින උත්සවය අතරතුරදී තාප ආඝාත රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයින් 30 දෙනෙකු රෝහල් වෙත ප්‍රවාහනය කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව වාර්තා වේ. 

 

පෙ.ව 8.30 ට උත්සවය ආරම්භ වී ඇති අතර සවස 3.15 ට පමණ ප්‍රාදේශීය ගිනි නිවන දෙපාර්තමේන්තුවට  ගුරුවරයෙකුගෙන් ලද හදිසි ඇමතුමක් අනුව Osaka නාගරික ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාසලට පැමිණ සිසුන් 29 දෙනෙකු සහ භාරකරුවෙකු මෙලෙස රෝහල වෙත ප්‍රවාහනය කර තිබේ. 

 

උත්සවය අතරතුරදී සෘජු හිරු එළිය වැලැක්වීම සඳහා මුහුණු ආවරණය ගලවා හිස් වැසුම් පැළඳිය යුතු බවට පාසල විසින් සිය සිසුන්ට උපදෙස් දී තිබුණද, එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මේවැනි තත්වයක් උද්ගත වීමට හේතුවී ඇති බව සදහන් වේ.

120 Views

Comments