පැසිෆික් සාගරය හරහා නොනවතින මුහුදු ගමනක යෙදුණු ලොව වයස්ගතම පුද්ගලයා


පැසිෆික් සාගරය හරහා මුහුදු ගමනක ඉතා වයස්ගත පුද්ගලයකු නිරත වෙයි

.

ජපන් සාගර වික්‍රමාන්විතයෙකු ලෙස හැඳින්වෙන 83 හැවිරිදි Kenichi Horie , තනි පුද්ගලයකු ලෙස යාත්‍රාවකින් පැසිෆික් සාගරය හරහා නොනවතින ගමනක යෙදුණු ලොව වයස්ගතම පුද්ගලයා බවට ජුනි 4 වන සෙනසුරාදා දින පත්වූ  බව වාර්තා වේ . 

 

මාර්තු 27 වන දින කැලිෆෝනියාවේ San Francisco හිදී ගමන් ආරම්භ කළ ඔහු සෙනසුරාදා දින අලුයම ඔහුගේ මීටර් 6ක් දිගින් සහ ටොන් එකක බරින් යුතු Suntory Mermaid III නම් යාත්‍රාවෙන් බටහිර ජපානයේ Wakayama සහ Tokushima ප්‍රාන්ත වෙන් කරන Kii නාලිකාවට ළඟා වූ බව ව්‍යාපෘතිය පිලිබදව සමීප මූලාශ්‍ර පැවැසීය. 

 

යාත්‍රාවේ විදුලි අවශ්‍යතා සඳහා සූර්ය පැනල භාවිතා කළ ඔහු සිය කාර්ය මණ්ඩලය සහ භූමියේ සිටින අනෙකුත් පුද්ගලයන් සමඟ කතා කිරීමට චන්ද්‍රිකා දුරකථනයක් භාවිතා කර ඇති අතර "සියවසක් සපිරෙන තුරුම තමාට අභියෝග කරමින් සිටීමට අවශ්‍ය බව" පවසා තිබේ .

109 Views

Comments