විනාශ වී ගිය මනරම් තල් ගස්වලින් වැසුණු අලංකාර මුහුදුබඩ මාර්ගය


Kaihin Koen Dori මාර්ගය සංචාරකයන්ගේ ආකර්ෂණය වඩාත් දිනාගනී

.

එක්සත් ජනපදයේ බටහිර වෙරළ තීරයට සමාන යැයි සැලකෙන Kaihin Koen-dori මාර්ගය "Instagrammable" ස්ථානයක් ලෙස නරඹන්නන් අතර ජනප්‍රිය වී ඇති අතර  ටෝකියෝ බොක්කෙහි නිල් අහස යට සන්සුන් නිල් ජලයේ පසුබිමට එරෙහිව Tokyo Bay Aqua Line අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක් ​​පමණ දිග සෘජු මාර්ගයක දිවෙන තල් ගස් සමූහයකින් සමන්විත වේ. 

 

නමුත් "Chibafornia" ලෙස හැඳින්වෙන ස්ථානයේ සිට මෙම වෙරළ තීරයට ඇදී එන අමුත්තන් විසින් ප්‍රදේශවාසීන්ට ගැටලු ඇති කරමින් නීතිවිරෝධී ලෙස පාර දිගේ වාහන නැවැත්වීම නිසා කෝපයට පත් නගර රජය සෑම ගසකම කඳ වටා දීප්තිමත් කහ පැහැති බැනර් ඔතා එහි තිබූ මන්ස්කාන්ත දර්ශනය විනාශ කිරීමට පියවර ගෙන තිබේ. 

 

"නැවතීම තහනම්" සහ "පාරේ ඡායාරූප ගැනීම තහනම්" යනුවෙන් කළු අකුරින් සලකුණු කර තිබූ මීටර් තුනක් පමණ වන බැනර් යොදාගනිමින් මාර්ගය දිගේ තිබූ තල් ගස් 98 න් 40ක කඳ කොටස ආවරණය කර තිබූ අතර එමගින් එහි තිබූ දර්ශනීය සුන්දරත්වය නැතිවී ගොස් ඇති බව ඇතැමෙක් ප්‍රකාශ කළේය.

126 Views

Comments