නයිජීරියාවේ කතෝලික දේවස්ථානයට එල්ල වූ අමානුෂික ප්‍රහාරය 


නයිජීරියානු දේවස්ථානයකට අමානුෂික ප්‍රහාරයක් එල්ල වෙයි

.

නිරිතදිග නයිජීරියාවේ Ondo ප්‍රාන්තයේ St. Francis කතෝලික දේවස්ථානයේ "පෙන්තකොස්ත ඉරිදා" දේව මෙහෙය අතරතුරදී දේවස්ථානයට කඩාවැදුණු තුවක්කුකරුවන් විසින් බැතිමතුන්ට වෙඩි තබා පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හැර බැතිමතුන් දුසිම් ගණනක් හා ඔවුන් අතර කුඩා දරුවන් රාශියක් මරා දැමූ බව ප්‍රාන්ත නීති සම්පාදකයෙකු වන Ogunmolasuyi Oluwole පසුගියදා සංවේගාත්මකව ප්‍රකාශ කළේය.

 

" ඔවුන් නායක පූජකවරයාද පැහැරගෙන ගොස් ඇත" යනුවෙන් නයිජීරියාවේ පහළ ව්‍යවස්ථාදායක කුටියේ Owo ප්‍රදේශය නියෝජනය කරන Adelegbe Timileyin පැවැසූ අතර “අපේ හදවත් බරයි . අපගේ සාමයට සහ සන්සුන් බවට  සතුරන් විසින් පහර දී ඇත" යනුවෙන් Ondo හි ආණ්ඩුකාර Rotimi Akeredolu ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ඉරිදා පැවැසීය . 

 

නිල මරණ සංඛ්‍යාව බලධාරීන් වහාම නිකුත් නොකළ නමුත් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව පැවැසේ. 

 

"මොනවා වුණත්, මේ රට කවදාවත් දුෂ්ට හා දුෂ්ට මිනිසුන්ට යටත් නොවනු ඇත, අන්ධකාරය කිසි විටෙකත් ආලෝකය ජය නොගනී. අවසානයේ නයිජීරියාව ජයග්‍රහණය කරනු ඇත" යනුවෙන් පවසමින් නයිජීරියානු ජනාධිපති Muhammadu Buhari ප්‍රහාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කර තිබේ.

164 Views

Comments