වයෝවෘද්ධ මවකගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයා


වයස්ගත මවකගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

.

සිකුරාදා දින Emiko නම් සිය 65 හැවිරිදි මව නිවසේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට Osaka ප්‍රාන්තයේ Yao හි පොලිසිය විසින් Akinori Koseki ලෙස හැඳින්වෙන 39 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

තමන්ගේ මව  පඩිපෙළෙන් වැටී බරපතල තුවාල ලබා සිටින බව පවසමින් Koseki විසින් සවස 6.30 ට පමණ 119 ට කතා කොට ඇති අතර එම ස්ථානයට පැමිණි පොලීස් නිලධාරීන් විසින් හෘද-ශ්වසනය අඩාල වූ තත්වයක සිටි කාන්තාව ඒ මොහොතේදීම රෝහලට ගෙන ගිය නමුත් ඇය එදින රාත්‍රියේ මිය ගොස් තිබේ. 

 

ඇයගේ වම් නිකට අස්ථි බිඳීමක් මෙන්ම ඉළ ඇට කැඩීම් කිහිපයක් ද ඇති බව වෛද්‍යවරුන් සොයාගෙන ඇති අතර ඒවා පඩිපෙළෙන් වැටීමට නොගැලපෙන බැවින් ඔවුන් රෝහල් පොලීසිය දැනුවත් කර තිබේ. මේ හේතුවෙන් සැකපිට අත්අඩංගුවට පත්වූ Koseki "තම මවගේ හැසිරීම ඔහුට කලක සිට එපාවී සිටි බැවින් 119 ඇමතීමට මිනිත්තු 30 කට පමණ පෙර තමන් මවට පහර දුන් බවට " පාපොච්චාරණය කළ බව පොලීසිය සඳහන් කළේය.

140 Views

Comments