අතුරුදහන් වූ සුරතල් සතුන් සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ නව මෘදුකාංගය


අතුරුදහන් වූ සුරතල් සතුන් සොයාගැනීමේ මෘදුකාංගයක් නිෂ්පාදනය වෙයි

.

රට පුරා සිටින සුනඛ හිමිකරුවන්ට ඔවුන්ගේ සුරතල් සතුන් කිසියම් මොහොතක අතුරුදහන් වුවහොත් නැවත සොයා ගැනීමට උපකාරී වන පරිදි සුනඛයන්ට අනන්‍ය වූ නාසයේ රටා යොදාගනිමින් "නාස් හැඳුනුම්පත" ලෙස හැඳින්වෙන නව ස්මාර්ට්ෆෝන් යෙදුමක් ජපානයේ අගනුවර පිහිටි Tokyo-පාදක S'more ව්‍යාපාර සමාගම විසින් පසුගියදා හදුන්වා දී තිබේ. 

 

ලියාපදිංචි සුනඛයින් සංඛ්‍යාව වැඩි කිරීම හඳුනාගැනීමේ නිරවද්‍යතාවය වැඩි දියුණු කරන බැවින් නව යෙදුම සංවර්ධනය කිරීම සඳහා තම සුරතලාගේ නාස් රටාව වීඩියෝවක් ලෙස ගෙන පද්ධතිය තුළ ලියාපදිංචි කරන ලෙස සමාගම හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. 

 

මෙහිදී පද්ධතියේ කෘත්‍රිම බුද්ධිය මගින් තනි සුනඛයන් හඳුනා ගැනීම සඳහා නාසයේ රටා විශ්ලේෂණය කිරීම සිදු කරනු ලබන අතර නැතිවී සිටියදී සොයාගත් සුරතලෙකුගේ නාසයේ වීඩියෝවක් කිසිවෙකු පද්ධතියට ඇතුළු කළහොත් යෙදුම මගින් එය සංසන්දනය කර සුරතලා සිටින ස්ථානය හිමිකරුවන්ට දන්වයි.

 

මේනිසා අයිතිකරුවන්ට ඔවුන්ගේ සුනඛයන් අහිමි වීම වැළැක්වීමේ ප්‍රායෝගික මෙවලමක් බවට මෙම නව පද්ධතිය පත්වනු ඇතැයි සමාගම අපේක්ෂා කරනු ලබයි.

146 Views

Comments